ජනන සැලසුම අද ලිඛිතව නොලැබුණොත් හෙට නොරොච්චෝලෙ වහනවා

අඩු වියදම් විසි අවුරුදු විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන බවට අද (11දා) දිනය තුළ ලිඛිත පොරොන්දුවක් නොදුනහොත් හෙට (12දා) සවස 4.00ට නොරොච්චොලේ විදුලි බලාගාරය වසා දමා ඉංජිනේරුවන් සේවයෙන් ඉවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඉංජිනේරුවන් බලාගාරයෙන් ඉවත් වූ පසු එය ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුටත් නොහැකි බැවින් සුරක්‍ෂිත ලෙස එය ක්‍රියාවිරහිත කිරීම සිදුකරන බවද එම සංගමයේ කමිටු සාමාජික ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් ලබාදෙන බවත්, මෙම ක්‍රියාව සිදු කරන්නේ ජනතාව සමග පවතින ප්‍රශ්නයකට නොව අනාගතයේ දවසක ජනතාවට අඩු මුදලකට විදුලිය ලබාදීමට බවත් හෙතෙම පවසා සිටියේය.

අඩු වියදම් විසි අවුරුදු විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පසුගිය 08 වැනිදා සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන බවද වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

නොරොච්චොලේ බලාගාරය නවතා දැමීම පිළිබඳ හා පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අනෙකුත් ඉංජිනේරුවන් අද (11දා) නොරොච්චෝලේ බලාගාරයට ගොස් එහි ඉංජිනේරුවන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.

අඩු වියදම් විසි අවුරුදු ජනන සැලැස්ම පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම පසුගිය 08 වැනිදා රැස්ව තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙන බවට වාර්තා වන බවත්, අගමැතිවරයාගෙන් හා විෂයභාර අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බවට වාර්තා වන බවත්ඔහු ප්‍රකාශ කළේය.

විසි අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන බවට අද (11දා) ලිඛිතව ලබාදීමට කටයුතු කළ හොත් සියලු වෘත්තීය ක්‍රියාමාර්ග නවතා දමන බවද ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

noro

 

 

One thought on “ජනන සැලසුම අද ලිඛිතව නොලැබුණොත් හෙට නොරොච්චෝලෙ වහනවා

  1. Dayan

    CEB mafia is going to take the electricity consumers as hostage. Doctors union GMOA also can join and take poor people as hostage. Poor people have spend to educate them.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>