කොට්ඨාස ප්‍රතිඵලය රෑ කෑමට පෙර දුන්නා

ඡන්ද ප්‍රතිඵල මාධ්‍යයට නිකුත් කිරීමේදී ප්‍රමාද දෝෂයක් ඇති වූයේ තාක්ෂණික ගැටලුවක් නිසා බවත්, එහෙත් කොට්ඨාසයට අදාළ ප්‍රතිඵල ජනතාව රාත්‍රී කෑමට පෙර ලබාදුන් බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ප්‍රතිඵල ප්‍රමාදවීම පිළිබඳ යම් චෝදනාවක් සිදුකරනවා නම් එය පොදුවේ තමා වෙත පමණක් සිදුකරන ලෙසද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මැතිවරණයේ ප්‍රතිඵල පොතක් ලෙස මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

පැවැති මැතිවරණය ගැන සතුටක් සේම දුකක්ද පවතින බවත්, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට හැකිවීම සතුටක් බවත් කී හෙතෙම මැතිවරණ කටයුතු කිරීමේදී එක් නිලධාරියෙකු හදිසි අනතුරකින් මරණයට පත්වීම දුකක් බවද සඳහන් කළේය.

mahinda-deshapriya-575-056

 

 

One thought on “කොට්ඨාස ප්‍රතිඵලය රෑ කෑමට පෙර දුන්නා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>