කොළඹ දිස්ත්‍රික්කය තුළ අවධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පිහිටුවා ඇති අපද්‍රව්‍ය කාර්ය සාධක මෙහෙයුම් බළකා මධ්‍යස්ථානය තුළින් ගෙවීගිය ජූලි මාසය තුළදී පුද්ගලයන් 944 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (31දා) දිනය තුළදී පමණක් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අදාළ අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් බළකා මධ්‍යස්ථානයට අනුයුක්තව සිටින ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විසින් සිදුකර ඇත.
ජූලි පළමු වැනිදා සිට ජූලි 31 වැනිදා සවස 4.00 දක්වා කාලය තුළදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන අතර, මෙම පිරිසෙන් 738 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළඹ මහනගර සභා බල ප්‍ර‘දේශය තුළදීය.
පුද්ගලයන් 18 දෙනෙකු මොරටුව මහනගර සභා සීමාව තුළදී හා පුද්ගලයන් 02 දෙනෙකු කඩුවෙල නගර සභා සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සියලු දෙනාම අදාළ බලප්‍ර‘දේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.