කසළ කළමනාකරණයට ජපාන සහාය ලබා ගැනීමට ජනපතිගේ අවධානය

ශී‍්‍ර ලංකාවේ කැළි කසළ ගැටලුව විසඳීමට ජපානයේ ටෝකියෝ නුවර ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා ජපාන රජයේ සහයෝගය ලබාගැනීමේ හැකියාව සොයා බලන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (14දා) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව පවසා සිටියේය.

මිලියන 9.3 ක් වන ටෝකියෝ නුවර වෙසෙන ජනතාව විසින් දෛනිකව බැහැර කරනු ලබන මෙටි‍්‍රක් ටොන් 11,000 ක් පමණ වන කැළිකසළ කළමනාකරණයට මෙවැනි මධ්‍යස්ථාන 23 ක් පවත්වාගෙන යනු ලබයි.

ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ ෂිනගාවාහි පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 600ක් පමණ දෛනිකව කළමනාකරණය කෙරේ.

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින්, ඉතා පරිසර හිතකාමී අන්දමින් මෙහි කටයුතු සිදු කෙරෙන අතර මෙහිදී එම කටයුතු ජනාධිපතිවරයගේ නිරීක්ෂණයට ලක් විය.

කසළ කළමනාකරණ කි‍්‍රයාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත් කර, එම විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉතිරිවන ප‍්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ද මෙහි විශේෂත්වයකි.

1 copy 2 copy 3 copy 4 copy

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>