කතරගම වෙඩි තැබීමට පුද්ගලයෙක් පොලිස් භාරයට

(UPDATE)

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමිපාණන් හා තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තාවේ.

මෙම පුද්ගලයා මහසෙන් දේවාලයේ කලක් සේවය කළ පුද්ගලයෙකු බවටද තොරතුරු වාර්තා වන අතර, ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.

මීට අමතරව කිරිවෙහෙර අවට ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ. වෙඩි තැබූ බවට සඳහන් කෙරෙන ස්ථානයේ තිබී ජීව උණ්ඩ 02ක් හා හිස් පතරොම් කොපු 02ක්ද පොලීසිය සොයාගෙන ඇත. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ වන විට කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නමැත්තා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

සැකකරුගේ නිවස පොලීසිය විසින් පරීක්ෂා කර තිබෙන බවත් එහිදී කඩුවක්, කිනිසි 02ක් සහ පතරොම් 10ක් සොයාගෙන ඇති බවත් සැකකරු නිවස අතහැර පලාගොස් සිටින අතර ඔහු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසයි.   

 

WWWWWWWWWWWWWW

 

One thought on “කතරගම වෙඩි තැබීමට පුද්ගලයෙක් පොලිස් භාරයට

  1. Ruwan

    Hi Dinesh, I heard that you mentioned that this was related to the Underworld act. Mr. Pujitha, please arrest this person and take a statement from him since he he creating unwanted mindset of the people just for the sake of increasing the voter base of JO. What their current topics: Rain, Drought, Underworld, etc. But, they never speak about the FREEDOM, EDUCATIONAL IMPROVEMENT, HEALTH SECTOR, MAJOR DEVELOPMENT AREAS.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>