ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හිතාමතා ඇති කළ එකක්ලු

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ආශ්‍රිතව පැතිර යන දැවැන්ත ලැව්ගිනි තත්ත්වය හිතාමතා ඇති කරන ලද්දක් බව ඔස්ට්‍රේලියානු බලධාරීහු විශ්වාස කරති.

පසුගිය සෙනසුරාදා ඇරඹුනු මෙම ලැව්ගිනි මේ වනවිටත් හෙක්ටයාර 2,500ක් පුරා පැතිර ගොස් තිබුණත්, තත්ත්වය යම් තරමකට පාලනය කිරීමට හැකිවී තිබෙන බවත් බලධාරීහු පවසති.

නිව් සවුත්වේල්ස් ගිනි නිවන ඒකකය පවසන්නේ මෙම ගින්න හිතාමතා ඇති කරන ලද්දක් බවට දැඩි සැකයක් පවතින බවයි.

මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ඒ ආශ්‍රිතව ජීවත් වූ බොහෝ වැසියන්ට මෙම සති අන්තයේදී තම නිවෙස්වලින් ඉවත්ව සිටීමට සිදුවූ අතර, ඇතැම් අය පවසා සිටියේ පිටතට පැමිණ මාර්ගයට පැමිණීමද යම් අවදානමක් ගත් බවයි.

එමෙන්ම, මේ වනවිට ගිනිකොණදිග ඔස්ට්‍රේලියාවේ පවතින අසාමාන්‍ය උණුසුම මෙන්ම දැඩි සුළං තත්ත්වය ලැව්ගිනි වේගයෙන් පැතිර යාමට හේතුවක් බවද කාලගුණ අංශ වැඩිදුරටත් පවසයි.

1_Ausi 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>