ඔත්පලව සිටින මවට උපස්ථාන කරන පුතා

හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව සිටින සිය මවට උපස්ථාන කරන පුත්‍රයෙකු පිළිබඳ පුවතක් බුල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ගල්නෑව, බුල්නෑව නව ගම්මානය, අංක 32 පදිංචි සඳුන් දිසානායක (අවු.22) නමැති තරුණයෙකු මෙලෙස සිය මවට ඇපඋපස්ථාන කරමින් ඇයව ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටියි.

ඔහුගේ මව වන එරන්දි මනමේන්ද්‍ර (අවු.52) නමැත්තිය හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව සිටින්නීය. ඇයගේ එකම දරුවා වූ සඳුන්, සිය මවගේ සියලු කටයුතු සිදුකරමින් ඇයට උපස්ථාන සිදුකරමින් කටයුතු කරන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය.මීට වසර දෙකකට ඉහත දී සඳුන්ගේ පියා හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන් ජීවත් වීමට ඔවුන්ට සිදුව ඇත.

උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ සඳුන්ට රැකියාවක් කිරීමට අවස්ථාවක් නොමැති වී ඇත්තේ සිය මවට උවටැන් කිරීමට සිදුවීම හේතුවෙනි. ඔහුගේ මවට අස්ථි දිරායෑමේ රෝගයක් වැලඳී මේ වනවිට කොඳුඇට පෙළෙහි අස්ථි බිඳී ඇත. එක් අතක අස්ථි සම්පූර්ණයෙන්ම බිඳීගොස් තිබේ. 

ඇය අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබා මේ වනවිට සිය නිවසට වී සිටින්නීය. සඳුන්ගේ එකම බලාපොරොත්තුව හා ප්‍රාර්ථනාව තම මව සුවපත් කරගැනීමය.මෙම අසරණ පවුලට උපකාර කළ හැකි අ‍යෙකු වෙතොත් සඳුන් දිසානායක නමින් ලංකා බැංකුව, ගල්නෑව ශාඛාවේ පවතින 81701829 දරන ගිණුමට ආධාර මුදල් බැර කළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 071-3808958 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

DSC03193 copy DSC03198 copy DSC03201 copy DSC03215 copy

 

One thought on “ඔත්පලව සිටින මවට උපස්ථාන කරන පුතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>