උදයංග ගෙන්වා ගැනීමට ඩුබායි කැමැත්ත ඕනෑ

රුසියාවේ හිටපු තානාපති මෙරටට ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙන බවත්, ඔහු මෙරටට ලබාදීම ඩුබායි රාජ්‍යයේ කටයුත්තක් බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

ජාතික වශයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුත්තකට ඔහු අවශ්‍ය බවට ඩුබායි රාජ්‍යයට එත්තු ගන්වන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී හෙතෙම සඳහන් කළේය.

උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිල් නිවේදනයක් මුලින්ම නිකුත් කළ බවත්, ඉන් පසුව මෙහි ඇති බැරෑරුම්කම පෙන්වා දී රතු නිවේදනයක් නිකුත් කළ බවද පොලිස්පතිවරයා පවසා සිටියේය.

ඔහු ගෙන්වා ගැනීම සඳහා මෙරට තුළ දේශපාලන කටයුතු හා රාජතාන්ත්‍රික කටයුතු සිදු වුවද, ඩුබායි රාජ්‍යයේ කැමැත්තක් තිබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

pujith-jayasundara

 

One thought on “උදයංග ගෙන්වා ගැනීමට ඩුබායි කැමැත්ත ඕනෑ

  1. නිමල්

    රතු නිවේදනය ලංකාවේ පොලීසියේද තියෙන්නේ? ජාත්යන්තර පොලීසියේ වෙබ් පිටුවේනම් නෑ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>