ඇරඹී මසක් ගතවන ශ්‍රීපාද සමයේ ප්ලාස්ටික් බෝතල් 35000ක් පරිසරයට

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාසයක පමණ කාලයක් ගත වුවද, හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ ආපන ශාලාවලින් හිස්ප්ලාස්ටික් බෝතල් තිස්පන්දහසක් පරිසරයට මුදාහැර ඇතැයි අඹගමුව ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උපකාර්යාලයේ ස්ථානාධිපති ඒ.ඩබ්.හේමන්ත මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මෙවර වන්දනා වාරය තුළ පොලිතින් භාවිතය සියයට 20කින් පමණ පහළ බැස තිබෙනවා. ශ්‍රීපාද වන්දනාකරුවන් සහ නල්ලතන්නිය අවන්හල්වලින්මුදාහැර තිබූ හිස් වතුර බෝතල් මේ වනවිට අ‍පගේ සේවකයන් විසින් එක්රැස් කර උපකාර්යාලයේ ගබඩාවේ ගබඩාකර තිබෙනවා.

කුඩා වතුර බෝතල් භාවිතය අවම කිරීම සඳහා නල්ලතන්නියේ පිහිටි අවන්හල් සහ සිල්ලර කඩ වෙත නැවත භාවිතයට ගත හැකි වතුර ලීටර් පහ සහිත ප්ලාස්ටික් බෝතල් පමණක් නිකුත් කරන්නේ නම් පරිසරයටමුදාහරින ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය අවම කරගත හැකියි. යනුවෙන් පැවසීය.

01 (1) 01 (3) 01 (4)

3 thoughts on “ඇරඹී මසක් ගතවන ශ්‍රීපාද සමයේ ප්ලාස්ටික් බෝතල් 35000ක් පරිසරයට

  1. Madhawa Perera

    ගැටලුව හඳුනාගෙන ඇති ආකාරය වැරදියි ! එක රාජ්‍ය සේවයේ ස්වබාවය. යථාර්තය හස්පසිම වෙනස්! ඉහල එකතුවන අපද්‍රව්‍ය පහලට ගෙන ඒමට ක්‍රමවේදයක් නොමැතිවීම තමයි යථාර්තය. . .

    Reply
  2. td

    Waste management and recycling containers should be placed on every 500 to 1000 meters so solve the problem, If not like apply the sri lankan system and ask pilgrims to stop bring water bottles to sri pada. Dayakasaba of sri pada plans to ban small water bottles that means theycannot find a solutions

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>