ඇමෙරිකාවට ශ්‍රී ලංකාවට එරෙහි න්‍යාය පත්‍රයක් නෑ – බිස්වාල්

සැරව ගලන තුවාලයක් බවට පත්විය හැකි සහ නැවත ගැටුම් ඇතිවිය හැකි අතීත යුද තුවාලයෙන් ඔබ්බට තවමත් ශ්‍රී ලංකාව ගමන් කර නොමැති බවට අදහස් පවතින බවත්, ජාත්‍යන්තර ප්‍රජාවේ කිසිවෙකු එවැනි තත්ත්වයක් බලාපොරොත්තු නොවන බවත්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය පවසා සිටියාය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙම අදහස් දක්වා සිටියේ අද (31දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමග පැවති සාකච්ඡාවේදීය.

කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවට එරෙහි න්‍යාය පත්‍රයක් නොමැති බව අවධාරණය කළ සහකාර ලේකම්වරිය, එනමුදු, ඇමෙරිකාව සොයාගෙන ඇති තක්සේරුකිරීම් මත ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් බලකිරීමක් කිරීමේ හැකියාව ඔවුන්ට ඇති බවද පෙන්වා දුන්නාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, මෙසේ මතුකර දක්වන ඇතැම් කාරණා ආමන්ත්‍රණයට ශ්‍රී ලංකීය ක්‍රියාවලියක් යොමුකරවන ලෙස ඇමෙරිකාව ඉල්ලා සිටි බවයි. එනමුදු, එසේ ලබාදුන් ඉඩප්‍රස්ථා ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බවට අදහස් පවතින්නේ යැයිද ඇය සඳහන් කළාය. 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සමග ධනාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට ඇමෙරිකාවට අවශ්‍ය බවත්, එය ක්ෂේත්‍ර රැසක් හරහා පවත්වාගෙන යා යුතු බවත් සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා සිටියාය.

One thought on “ඇමෙරිකාවට ශ්‍රී ලංකාවට එරෙහි න්‍යාය පත්‍රයක් නෑ – බිස්වාල්

  1. නිශාන්

    ඔව් ඔය කතාව ප්‍රසිද්ධියේ කියන්නේ ඇමරිකානු ක්‍රියාමාර්ගය සධාරනීයකර ගන්නයි. ඇමෙරිකාව සතුව ඇත්තේ යහපත් අරමුණක් බව ලොව අන් රටවලට පෙන්වීමටයි. එහෙත් ඔවුන්ගේ යටි අරමුණ ඉන්දීය සාගර කලාපයේ තමන්ට එරෙහි හෝ තමන්ගේ සතුරන්ට නැඹුරු ආණ්ඩු මට්ටු කිරීම සහ තමන්ගේ බල ව්‍යාප්තිය තහවුරු කර ගැනීමට කණ්ඩායම් ඇති කිරීමයි. එල්.ටී.ටී.ඊ. යනු ඔවුන් සතුව තිබූ එවැනි කණ්ඩායමක්. දැන් එය නැති නිසා, නැවත එය ඇති කිරීමට හෝ, දකුණු ඉන්දියාවත්, ලංකාවේ උතුරත් එකතු කොට දෙමල ජනයා නියෝජනය කරන එවැනි බලවේගයක් අලුති ඇතිකර ගැනීමට හෝ ඔවුන්ට උවමනා වී තියෙනවා. එමගින් දකුනු ආසියානු කලාපයේ තම බලය තහවුරු කර ගැනීමට ඔවුන් අදහස් කරනවා. ඉන්දියාව සහ චීනය අවුලුවන්නේත් ඔවුන්මයි. එමගින් ඉන්දියාව තම තුරුලේ තබා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>