ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් වීම ගැන මතභේදයක්ද?

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවෙන් සිය හමුදා ඉවත්කර නොගන්නා බවත්, ඒ වෙනුවට ඔහු දීර්ඝ කාලීන මෙහෙයුමක් දියත් කරන බවත් තමන්ට විශ්වාස බව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් පවසයි.

මෙම මස මුලදී ඇමෙරිකානු ජනපතිවරයා පවසා සිටියේ සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා ඉතා ඉක්මණින්ම ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර, සිරියාවේ සිදුවූයේ යැයි කියන රසායනික අවි ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් පසුගිය සෙනසුරාදා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව සිරියානු රජයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි.

කෙසේ වෙතත්, සිරියාව වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර සීමා කරවීමට තමන් ඇමෙරිකානු ජනපතිවරයා වෙත ඒත්තු ගන්වමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

සිරියාව වෙත එල්ල කරනලද ගුවන් ප්‍රහාරවලට පෙර ඇමෙරිකානු සහ ප්‍රංශ නායකයන් දුරකථන සංවාද කිහිපයක්ම පවත්වා ඇති අතර, මේ සමගම ඔවුන් යම් මිත්‍ර සන්ධානයකට පැමිණ ඇති බවද විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ප්‍රංශ නායකයාගේ ප්‍රකාශයෙන් පසුව ධවල මන්දිර ප්‍රකාශිකා සාරාහ් සැන්ඩර්ස් පවසා සිටියේ සිරියාවේ සිදුකරන ඇමෙරිකානු මෙහෙයුම් පිළිබඳ තීරණයේ වෙනසක් නොමැති බවයි. ජනපතිවරයා පැවසූ ආකාරයෙන්ම ඉතා ඉක්මණින්ම ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත්වනු ඇති බව ඇය පැවසුවාය.

එනමුදු, සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සහමුලින්ම විනාශ කරදැමීමට ඇමෙරිකාව දැඩි අධිඨනකින් කටයුතු කරන බවද ඇය අවධාරණය කළාය.

1_US Army

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>