ඇමති මංගලගේ තීරණයට, ඕමල්පේ සෝභිත හිමිගේ විරෝධය

මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය වෙනුවෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය විරෝධතාව පළකර සිටිති. 

එපමණක් නොව මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට අවස්ථාව සැලසෙන බව මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

Omalpe Sobitha Thero

3 thoughts on “ඇමති මංගලගේ තීරණයට, ඕමල්පේ සෝභිත හිමිගේ විරෝධය

  1. කපිල

    සෝභිත හාමුදුරුවන්ට බොදු ජනතාවගේ ප්‍රණාමය හිමි වියයුතුයි. අපේ මහා නායක හාමුදුරුවන් තාම නිදි. ආගම ගැන කිසිම උනන්දුවක් නෑ. මංගල හදන්නේ එයාගේ සංස්කෘතියට රට ගෙනියන්න. ජාතික හෙළ උරුමය පාරට බසියයුතු කාලයක් මේක.

    Reply
  2. සෙනෙවි

    මෙම ඇමතිවරයා සමාජයට කරන්නේ බරපතල වරදක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>