අපේ වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්‍ෂේප කළා

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජනතාව ආණ්ඩුවේ වැඩසටහන් පිළිබඳ ජනතා අප්‍රසාදයක් තිබෙන බවට පෙනීයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සමග අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයේදී අද (23දා) සිදුකළ සාකච්ඡාවකදී මේ බව පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

 “පළාත් පාලන මැතිවරණයෙන් අපි ගෙන ගිය වැඩසටහන් පිළිබඳ සම්පූර්ණයෙන්ම ජනතා කැමැත්තක් නැති බව පෙනුණා. මේ ලැබූ ප්‍රතිඵලය අපි පිළි අරගෙන තිබෙනවා. ආණ්ඩුවක් ලෙස ජනතාවගේ සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්න බැරිවුණු බව අපි පිළිගන්නවා.

අපි වැඩකටයුතු කරලා තියෙනවා. සමහර ඒවයේ වේගය මදි. සමහර ක්‍රියාදාම ගැන ප්‍රශ්න තිබෙනවා.මේ ප්‍රතිඵල දිහා බලලා ඉදිරියට යන්න තීන්දු කරලා තියෙන්නේ. ඉදිරියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ විෂයයන් පිළිබඳ ඇමති මාරුවක් සිදු වෙනවා.

ආණ්ඩුවේ තිබෙන ප්‍රතිපත්ති දිහා අපි බලන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපි කැපවෙලා ඉන්නේ නායකත්ව පරපුරක් ගොඩ නගන්න” යැයි පවසා සිටියේය.

PM

2 thoughts on “අපේ වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්‍ෂේප කළා

  1. කපිල

    ඔබතුමා නායකත්වයෙන් අද ඉල්ලා අස් උනොත් හෙට ඉඳල UNP එකට චන්ද වැඩි වෙනවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>