අඳුරු බලවේගයට එරෙහිව මමත් එක්වෙනවා

දේශයම අඳුරට ඇඳ දමන බලවේගවලට එරෙහිව බලමුළුගැන්වෙන සියලු දෙනා සමග හා වැඩකරන ජනතාව සමග මෙවර මැයි දිනයට තමන් එකවෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හෙට (01දාට) යෙදෙන ලෝක මැයි දිනය වෙනුවෙනු නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් දක්වි සිටියි. වර්තමානයේ ජනතාව මුහුණදී තිබෙන අර්බුදයෙක් ජනතාව ගලවාගත හැක්කේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩායම් ද පොදු ජනතාවද ඒකරාශි කොට ශක්තිමත් කිරීමෙන් බවද ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ජාතික හා ජාත්‍යන්තර දූෂිත බලවේග එක්ව පසුගිය ආණ්ඩුව ගොඩනැගූ පොදු ජනතා අභිලාෂයන් පරාජය කර තිබෙන බවත්, තමන් ආරක්ෂා කර රාජ්‍ය ආයතන හා සංවර්ධන ව්‍යාපෘති දහස් ගණනකගේ රැකියා අහිමිකර තිබෙන බවත්, සංවර්ධන ව්‍යාපෘති නතර කර තිබෙන හෙයින් වැඩකරන ජනතාව අපහසුතාවට ගොදුරුව ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

2 thoughts on “අඳුරු බලවේගයට එරෙහිව මමත් එක්වෙනවා

  1. සෙනෙවි

    “අඳුරු බලවේගයට එරෙහිව මමත් එක්වෙනවා” අපි වෙනුවෙන් අපි

    Reply
  2. Raja Gunawardhena

    ජයවේවා! දින 100 යි. රට හමාරයි. ඔබතුමා නාවොත් අපි විනාසයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>