අනුර කුමාර ලැජ්ජා විය යුතුයි – මුසම්මිල්

භූමියේ අරගල කරනවා යැයි පවසමින් "ගම ජවිපෙට" ඉල්ලූ අනුර කුමාර දිසානායක මහතාට එක් කොට්ඨාසයක් හෝ දිනාගැනීමට නොහැකිවීම ගැන ලැජ්ජා විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

 2020දී රටේ බලය ගන්නට බලා සිටි වාමවාදී දේශපාලන පක්ෂය මෙවැනි තත්ත්වයට ඇදවැටී ඇත්තේ ඩීල් දැමීමේ ප්‍රතිඵල නිසා බවද ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රචාරක ලේකම්වරයා කීවේය.

ජවිපෙ යම් මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ලබා ඇත්තේ සමානුපාතික ලැයිස්තුවට පිංසිද්ධ වන්නට බවත්,  බෙදුම්වාදයට පක්ෂව, සංස්කෘතික විනාශයට මුල පුරමින් ජවිපෙ තම ඉතිහාසය අමතක  කිරීම නිසා රටේ ජනතාව විසින් ආණ්ඩුව සමග එකට තබා පරදවා තිබෙන බවත් මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

3 thoughts on “අනුර කුමාර ලැජ්ජා විය යුතුයි – මුසම්මිල්

  1. කපිල

    වීරවංස කියන්නේ මහින්දගේ ඇඟේ ඉන්න මැක්කෙක්. මුසම්මිල් කියන්නේ වීරවංසගේ ඇඟේ ඉන්න මැක්කෙක්. එතකොට මෙයා කොච්චර පුංචිද?. ඒ උනාට කටේ සැර?

    Reply
  2. CHITHRANANDA

    වැරැද්දක් කරලා හිරේට ගියාම රටේ නැති කරුණු ඉදිරිපත් කරලා එලියට එන්න ට්‍රයි කරනවා.එලියට ආපුවාම සිංහයා වගේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>