අද තරගයේදී ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයිද?

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කළ තරගාවලිවලදී මේ දක්වාම වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති තරගය ලෙස වාර්තා පොත් අතරට එක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයයි.

එම තරගය මිලියන 558ක ජනතාවක් නරඹා ඇති බවට ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාව හා පාකිස්තානය අතර අද පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එකදින තරගාවලියේදී බොහෝ විට එම වාර්තාව ඉක්මවා යෑමට හෝ එම වාර්තාවට ආසන්න ප්‍රේක්ෂක ජනතාවක් තරගය නරඹනු ඇති බවට වාර්තා පළවෙයි. ඒ සඳහා හොඳම උදාහරණය නම් මෙවර තරගාවලියේදී පළමු වටයේදී ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගය නැරඹීමටද මිලියන 324ක ජනතාවක් එක්ව සිටීමය.

ලෝකයේ බෝහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගෙන ඇති සෑම තරගයකම ඉන්දියාව ක්‍රීඩා කර තිබේ. 2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දු පාකිස්තාන තරගය මිලියන 495ක ජනතාවක් නරඹා තිබේ. එම ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති තවත් තරගයක් නැරඹීමට මිලියන 313 ජනතාව එක්ව තිබේ.

ඒ අනුව අතීත වාර්තාවලින් පෙන්වන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග නැරඹීමට වැඩි ප්‍රෙක්ෂක පිරිසක් අවාධානය යොමු කරන බවයි. අද පැවැත්වෙන්නේ අවසන් මහ තරගයක් හෙයින් මෙම තරගයටත් අනිවාර්යයෙන්ම වැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමුවෙනු ඇත.

ලෝක ක්‍රීඩා  ඉතිහාසය තුළ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති ක්‍රීඩා ඉසව්ව වන්නේ 2008 වසරේදී චීනයේ පැවැති ඔලිම්පික් තරගාවලියේ ආරම්භක ඉසව්වය. එය බිලියනක ප්‍රෙක්ෂක අවධානයක් දිනාගෙන තිබුණි. 2010 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය මිලියන 530.9කගේ අවධානය දිනාගෙන තිබුණි. 

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දු – පාකිස්තාන අවසන් මහ තරගය අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

264537 (1) 264544

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>