නැඳුන්ගමුවේ රාජාත් කතරගම වාසනාත් දළඳා පෙරහරට නෑ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ කරඬුව වැඩමවන නැදුන්ගමුවේ රාඡා දළ ඇතු මෙවර පෙරහැර සඳහා සහභාගි නොවන බව නැදුන්ගමුවේ රාඡා ඇතුගේ හිමිකරු වන  හර්ෂ ධර්මවිඡය මහතා පැවැසීය.

නැදුන්ගමුවේ රාඡා දළඳා පෙරහරේ කරඬුව දස වතාවක් වැඩමවා ඇති අතර මෙවර දළඳා පෙරහරට සහභාගි නොවන්නේ තරමක අසනීප තත්වයෙන් සිටින නිසා බවද හර්ෂ ධර්ම විජය මහතා පැවැසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වු මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංගදෑල මහතා පැවැසුයේ නැදුන්ගමුවේ රාජා මෙන්ම කතරගම වාසනා ඇතුද පෙරහරට සහභාගි නොවන බවයි. වාසනා ඇතු කතරගම දේවාලයේ පෙරහැරට සහභාගි වන බැවින් මෙවර දළඳා මාළිගා පෙරහැර සඳහා  ඒ නොවෙයි.

නමුත් කරඬුව වැඩවීම සඳහා ඉන්දි රාජා, සිංහ රාජා, බුරුම රාජා, මියන්රාජා සමග මිල්ලන්ගොඩ පොඩි ඇතු මාළිගාවට සිටින බවත් ඔහු පැවැසීය. මේ අතර ලබන මස 5 දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් වයස 21 ක පමණ ඇත් පැටවෙකු මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පූජා කරන බවද ඔහු පැවැසීය.

වාසනා වමේ, නැඳුන්ගමුවේ රාජා දකුණේ


0 1 3 4

 

 

 

මංගල ගෙදරදී තිදෙනෙකුගේ අවමංගල ගෙදරක් වෙයි

ගිරිඋල්ල, අතුරුවෙල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍යයක් අතරතුරදී එහි ළිඳට වැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

උත්සව භූමියේ ලෑලි වලින් වසා තිබූ ළිඳකට එක් පුද්ගලයෙකු වැටී ඇති අතර කඹයක් ආධාරයෙන් ඔහුව බේරා ගැනීම සඳහා උත්සාහ කළ තවත් දෙදෙනෙකු ළිඳට බැස ඇත. පසුව ඔවුන් තිදෙනාම දියේ ගිලී ඇතැයි පොලීසිය කියයි.

ඔවුහු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් මියගොස් ඇත. මහින්ද කරුණාරත්න (31), නිසාල් ප්‍රසාද් (38), ලාල් කුමාර (41) යන දඹදෙනිය පදිංචි පුද්ගලයන් තිදෙනෙක් මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

උඩපන්දුව අත්හැරීමේ අලාභය අපට ගෙවන්න වුණා – ගුරුසිංහ

 “අපිට ඇත්ත වශයෙන්ම පිළිගන්න වෙනවා අපි හොඳින් පන්දු යැවීම සිදු නොකළ බව” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා සඳහන් කළේය. ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා හා ඉන්දියා ටෙස්ට් තරගයේ පළමු දිනයේ නිමාවත් සමග ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවේදී  ඔහු මේ බව සඳහන් කළේය. “

එක් දිනයක් තුළ ප්‍රතිවාදීන් ලකුණු 400ක් රැස්කරයි නම් ඔබට කණ්ඩායම ඇගයීම අපහසු කරුණක්. අපි දවාන්ගේ උඩපන්දුව අත්හැරියා. ඒ නිසා අපිට අලාභය ගෙවන්න වුණා. ඒ වගේම අසේලත් අපිට අහිමිවුණා.”

“ මම හිතන්නේ නෑ අපි හරි ස්ථානයට පන්දුව යොමු කළ කියලා. අපි ලකුණු 400ක් ලබාදුන් අවස්ථාවේදි තවත් කඩුල්ලක් දවාගත්තානම් තරමක් එය හොඳ තත්ත්වයක් වෙන්න තිබුණා.”

ගාල්ලේදී ලකුණු 600ක් කණ්ඩායමක් රැස්කරයි නම් ප්‍රතිවාදීන්ට එය ඉක්මවා යෑම අපහසු බව ගුරුසිංහ පවසයි.

“මේ ගාල්ල. ප්‍රතිවාදීන් ලකුණු 600ක් රැස්කිරීමෙන් පසුව ඔවුන් තරගය ජයගැනීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. අපේ පිතිකරුවන් අනිවාර්යයෙන්ම හොඳින් ක්‍රීඩා කළ යුතු වෙනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අවසන් දින දෙකේදී එය පිතිකරුවන්ට හොඳ විකට්ටුවක් ලෙසයි පෙනුණේ.  අපිට මුලින්ම හෙට දිනයේදී ඔවුන්ව දවාගත යුතු වෙනවා. අපිට හෙට දිනයේදී පිතකරණයේ යෙදෙන්න අවස්ථාවක් ලැබේවි. නමුත් එය අපි කළමනාකරණය කරගත යුතු වෙනවා.”

කස්තුරිවලින් ඩෙංගුවලට පිළියම්

බටහිර වෛද්‍ය ක්‍රමය සමගම අනෙකුත් වෛල්පිත වෛද්‍ය ක්‍රම ද මේ වන විට සිය ප්‍රතිකාර ක්‍රමවේද තුළින් ඩෙංගු රෝගයට ප්‍රතිකාර සලසමින් සිටී. මේ වන විට වෙනස් වෙනස් රෝග ලක්ෂණ මතුකරමින් ඩෙංගු රෝගයමද  නැද්ද යන්න පවා හඳුනාගත නොහැකි අන්දමට වෙනස් ගති පාන ඩෙංගු රෝගය සඳහා විවිධ අත් බෙහෙත්ද මේ වන විට සමාජයේ විවිධ කතාබහට ලක් වී තිබේ.

සැබවින්ම ගස්ලබු කොළ යුෂ, පොලොස් ගැට මෙන්ම සමහර ස්වභාවික අත්බෙහෙත් රුධිර පට්ටිකා යම් ප්‍රමාණයකට වර්ධනය කරයි. නමුත් රුධිර පට්ටිකා වැඩි වීම රෝගය මුලුමණින්ම සුව වී යාමක් නොවෙන බව ඉන්දියානු සාම්ප්‍රධායික වෛද්‍ය පී බාල සුබ්‍රමනියම් මහතා පවසයි. මේ ඔහු ඩෙංගු රෝගය සම්බන්ධයෙන් කස්තුරි යොදාගත හැක්කේ කෙසේද එයින් ලැබෙන ප්‍රතිඵල කෙබදුද  යන්න අද පුවත්පතට පැවසූ කරුණු රැසකි.

කස්තුරි කියන්නේ හිමාලයේ වෙසෙන විශේෂ මුව වර්ගයකින් ලබාගන්නා ඖෂධයක්. ලෝකයෝ වෙනත් රටවලද මෙවැනි වර්ගයේ මුවන් ගොවිපලවල් වල ඇතිකර එමගින් කස්තුරි ලබාගන්නේ කස්තුරි රුධිරගත ශක්තිය ඉතා දැඩිව  ඉහළ නංවන නිසයි. මෙමගින් ඇතිකරන සංයුතිය මුලුමණින්ම රසායණිකයක් වශයෙන් ආයුර්වේදය තුළ හඳුන්වන තත්ත්වයකට සමානයි.

මෙහි විවිධ පෝෂණ සංඝටක මෙන්ම රුධිරයේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවිය හැකි  ක්ෂුද්‍ර පෝෂක නැතිනම් මිනරල් වර්ග වලින් පොහොසත් දිව්‍ය ඖෂධයක්. මෙය ඩෙංගු රෝගයේදී අඩු වී යන රුධිර පට්ටිකා වහා ඉහළ දමන සහ රුධිරය තුළ හීන වීයන ක්ෂුද්‍ර පෝෂක වර්ධනය කර හිමෝග්ලොබින් ප්‍රමාණය ඉහළ නංවා ක්ෂණිකව ශරීරයේ ඇතිවන දුබලතාවයන්ට එරෙහිව ක්‍රියාකාරීවෙන වටිනා ඖෂධයක්. 

ඩෙංගු රෝගයේදී බොහෝ දෙනෙකුට උණ තත්ත්වය හේතුවෙන් ඇතිවන ඇඟපත වේදනා මෙන්ම අප්‍රාණික බව ඉතාම සුලභ තත්ත්වයක්. ඩෙංගු වෛරසය නිසා අඩාල වී යන ශරීරයේ අනෙකුත් අවයව වහා ශක්තිමත් කර ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කස්තුරිවලට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙය කිසිම අවස්ථාවක අසාත්මික නොවන සහ  අතුරු ආබාධ ඇතිනොකරන ඖෂධයක්.

මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය තුළින් වැඩි විස්තර සොයාබලන්නට පුලුවන්. ඉන්දියාව තුළත් ඩෙංගු වසංගත ආකාරයට පැතිර ගිය අවස්තා තිබෙනවා. එමෙන්ම ඇතැම් ප්‍රාන්තවල සිට ප්‍රතිකාර සඳහා ගෙන ඒම ලංකාවේ මෙන් පහසුවක් නැහැ.

එවන් අවස්ථාවල ඒ රෝගීන් සඳහා සංකූලතා ඇතිවීම වැලැක්වීම පිණිස ඉන්දියානු සම්ප්‍රධායික වෙදකමේ කස්තුරිවලට ලැබෙන්නේ මුල් තැනක්. කස්තුරි මුවාගේ නාභියේ එක් රැස්වෙන මුවාගේ ජීවාණු කලක් යන විට ඇතිකරන කැටි මෙම කස්තුරි ලෙස හමුවෙනවා. එය දුලබ නිසා තරමක් මිල නමුත් කස්තුරිවලින් ඩෙංගු නිසා කෙනෙකු මරණයට පත්වීමට තුඩු දෙන හේතු බොහෝ දුරට අවම කරනවා. එය නොනැසෙන සත්‍යයක්. නමුත් නිවැරදි කස්තුරි මේ සඳහා සොයාගත යුතුයි.

සමහරු සිවෙටි බළලුන්ගේ නැටිට අග පිහිටා ඇති පැසෙහි තිබෙන ද්‍රව්‍ය කස්තුරි ලෙස සලකන තත්ත්වක් පෙනෙන්නට තිබෙනවා. නමුත් ඒවා කස්තුරි නෙවෙයි. ඩෙංගු රෝගියා අවදානම් තත්ත්වයකට පත්වෙන්නට කළින් ඔහු හෝ ඇය පානය කරන කුමන හෝ පානයකට මෙය ස්වල්ප වශයෙන් එක්කර පානයට සැලැස්වූ පසු විනාඩි විස්සක් වැනි කාලයකදී එය රෝගියාගේ රුධිර පද්ධතියට එක්වීමෙන් රුධිරය ශක්තිමත් කෙරෙනවා. මෙය රුධිර ගත ආබාධ ඇති සියලු දෙනාටම ප්‍රත්‍යක්ෂ වශයෙන් ගුණ සලසන ඖෂධයක්.

රුධිරගතව ඇතිවන අනෙකුත් ආබාධ සලකා බැලූ විට කියුකේමියා වැනි තත්ත්වයන් වලදී ක්‍රමයෙන් අඩුවන රුධිරයේ රක්තානු යළිත් වර්ධනය කිරීමටත් බිඳ වැටීම පාලනයටත් කස්තුරිවලින් අමිල සහනයක් සලසනවා. කස්තුරි දිව්‍ය ඖෂධයක් යැයි සලකන්නේ එහි ඇති මේ අපූර්ව ජීවි ස්වභාවය නිසයි. සැබෑ කස්තුරි සුවඳවත් නැහැ. එය දියවෙන්නට දැමූ විට එකවර දියවූ වීදුරුවේ හෝ භාජනයේ පතුලට වැටෙන්නේ නැහැ.

එය රන් පැහැයෙන් ඉතාම සීරුවෙන් නූලක් වැනි ආකාරයට දියවෙමින් බඳුනේ පතුලට වැටෙන අතර එය රසයෙන් කිසිම ආකාරයක අපූලක් දනවන්නේ නැහැ. ඩෙංගු රෝගී අවස්ථාවේ ඇතිවන රුධිරයේ ශක්තිය හීනවිම වළක්වන්නටත්  ඩෙංගු රෝගය සුවවීමෙන් පසු ගතට ඇතිවන අප්‍රාණිකත්වය සහ අධික වේදනාවන් සමනය සඳහාත් ශක්තිජනක ඖෂධයක් ලෙස කස්තුරි යොදන්නට හැකියි.

ඩෙංගු සමාජය තුළ වසංගතයක්ව පැතිර යමින් ජීවිත බොහෝ ගණනක් අහිමිකරන  අවස්ථාවේ අප මදුරුවන් ඉවත්කර අපේ ගෙවල් වතු පිටි පවත්වා ගන්නවාක් මෙන්ම රෝගය නිසා නැති වී යන කායික ශක්තිය ඉක්මණින් නැවත නගා සිටවන්නට උත්සහ ගැනීම වැදගත් . කාය ශක්තිය නැවත ඇතිකරන්නටත් මරණය ඇතිකරවන්නට සමත් ඩෙංගු සංකූලතාවලට ඉක්මණින්  සහනය සැලසීමටත් කස්තුරිවලට පුලුවන්.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්  අද පාඨක ඔබට 077 7 404 295 දුරකථන අංකයෙන් වෛද්‍යවරයාගෙන්ම විමසිය හැකියි.

තක්කාලි ආරක්ෂාවට ආයුද සන්නද්ධ භටයන් යොදවයි

ඉන්දියාව පුරා තක්කාලි මිල අහස උසට ඉහළ යෑමත් සමග ඇතැම් ප්‍රාන්තවල තක්කාලිවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තොග වෙළෙඳුන් කටයුතු කර තිබේ.

හින්දුස්ථාන් පුවත්පත වාර්තා කරන ආකාරයට, එරට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ තොග වෙළෙඳුන් තම තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සමග ආරක්ෂක භටයන් යෙදවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

මේ වනවිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දේවි අහිලියා බායි වෙළෙඳ සංකීර්ණයේ තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සන්නද්ධ ආරක්ෂක භටයන් 6 දෙනෙකු යොදවා ඇති බවත්, බොහෝවිට තක්කාලි තොග බෑමේදී සිදුවන සොරකම් වැළැක්වීම ඔවුන්ගේ කාර්යභාරය බවත් තොග වෙළෙන්දෝ පවසති.

දැනටමත් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම තක්කාලි තොග සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වී ඇති බව පෙන්වාදෙන වෙළෙන්ඳෝ, මේ තත්ත්වය තුළ තක්කාලි රන් මෙන් ආරක්ෂා කිරීමට සිදුව ඇති බවද සඳහන් කරයි.

අවාරය මෙන්ම, අයහපත් කාලගුණය යන හේතු සාධක අනුව ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තක්කාලි මිලෙහි යම් වෙනසක් පැවතියත්, සාමාන්‍යයක් ලෙස තක්කාලි කි.ග්‍රෑ 01කට ඉන්දීය රු.100/- ක් හෙවත් පැවති මිල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුව ඇති බවද වෙළෙන්ඳෝ වැඩිදුරටත් පවසති.

Google Daydream VR වසර අගදී වැඩි පිරිසකට

Google සමාගමේ Daydream නමින් ඇති වර්චුවල් රියැලිටි වැඩසටහන පවතින තත්ත්වයෙන් වෙනස් වී වැඩි දෙනෙකුට ලැබිය හැකි අත්දැකීමක් බවට පත්වන්නට නියමිතයි. ඒ අනුව ස්මාට්ෆෝන් උපාංග 11කට මේ වසර අග වන විට ඩේඩ්‍රීම් වර්චුවල් රියැලිටි අත්දැකීම ලැබෙනු ඇත. දැනට පවතින තත්ත්වය සමග එය සාර්ථක පැතිරීමක් ලෙස දැක්විය හැක.

ගූග්ල් පික්සල් ස්මාට්ෆෝන් දෙක සතු මෙම පහසුකම වර්චුවල් රියැලිටි හෙඩ්සෙට් එකක් හරහා ඇත්දැකීමේ පහසුව ලැබිය හැක්කේ Moto Z, ZTE Axon 7, Asus Zenfone AR, Huawei's Mate 9 Pro සහ Porsche Design Mate 9 ලෙසින් ස්මාට්ෆෝන් හතක් දක්වා ගණනය කිරීමක් කළ හැක. මෙයට Samsung සමාගමේ Galaxy S8 සහ S8+ උපාංග දෙකද ඇතුළත් වීමට නියමිතය. ඒ අනුව නමයක් බවට පත්වන ස්මාට්ෆොන් සංඛ්‍යාව එකොළහක් වීමේ ඉඩ ඇත්තේ මීළඟට මේ වසර අග නිකුත් වීට නියමිත ගූග්ල් පික්සල් ස්මාට්ෆොන් දෙකත් සමග බවට සැක නැත.

Google සමාගමේ Daydream View වර්චුවල් රියැලිටි හෙඩ්සෙට් එකත් සමගින් ඔබට අංශක තුන්සිය හැටක් දක්වා වූ මෙම අත්දැකීම විඳීමේ ඉඩ සැලසෙනු ඇත. මිළාධික HTC Vive හෝ Oculus Rift උපාංගවලට වඩා මෙම උපාංගය බරෙන් අඩු, ජවයෙන් අධික නිසා සාර්ථක විසඳුමක් වනු ඇත.

 

 

LTTE තවමත් ත්‍රස්ත සංවිධානයක් – යුරෝපා සංගමය

යුරෝපා අධිකරණ කොමිසම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධායක ලැයිස්තුවෙන් ඉවත් කළත් යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම ක්‍රියාත්මක බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

යුරෝපා අධිකරණය ත්‍රස්ත තහනම ඉවත් කළත් යුරෝපා සංගමය තුළ තවමත් එල්.ටී.ටී.ඊ. තහනම ක්‍රියාත්මක බවත් එම සංවිධායට එරෙහිව යුරෝපා සංගමය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක බවද යුරෝපා සංගමය සඳහන් කරයි.

යුරෝපා අධිකරණය ගත් තීන්දුව සමීපව අධ්‍යනය කරන බවත් අවශ්‍ය වුවහොත් එම තීරණයට වෙනස් කම් සිදුකරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

 

 

2040 න් පසුව බ්‍රිතාන්‍ය තුළ පෙට්‍රල්-ඩීසල් කාර් වෑන් නෑ?

වායු දූෂණයට එරෙහිව ප්‍රබල පියවරක් ඔසවමින් බ්‍රිතාන්‍යය තුළ වර්ෂ 2040 න් පසුව නව ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ වෑන් තහනම් කිරීම සඳහා රජය සූදානම් වෙයි.

මේ අතර, බ්‍රිතාන්‍ය තුළ වායුගෝලයේ ගුණත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැය කරන ස්ටර්ලිං පවුම් බිලියන 3ක අරමුදලේ කොටසක් ලෙස ඩීසල් වාහනවලින් පිටවන අහිතකර වායු විමෝචනය පාලනය කිරීම වෙනුවෙන් තවත් ස්ටර්ලිං පවුම් මිලියන 255ක අරමුදලක් පිහිටුවීමටද බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම, තවත් නොබෝ දිනකින්ම බ්‍රිතාන්‍යයේ පිරිසුදු වායුගෝලීය ප්‍රතිපත්තිය එළිදැක්වීමට රජය බලාපොරොත්තු වන අතර, එහිදී විද්‍යුත් මෝටර් රථ සඳහා වැඩි අවස්ථාවක් ලබාදී ඇති බවද කියැවෙයි.

මේ අතර, ක්‍රියාධරයන් පවසන්නේ මෙම නියමයන් පොරොන්දුවලට පමණක් සිමා නොකර, ඒවා පිළිබඳ සවිස්තර තොරතුරු අවශ්‍ය බවයි.

එහිදී, රට තුළ පිරිසුදු වාතාශ්‍රාය සහිත කලාප ඇති කිරීම මෙන්ම, ඒ වෙත වායු විමෝචනය ඉහළ මට්ටමක වූ මෝටර් රථ ඇතුළු වන්නේ නම් එම රථවලින් මුදලක් අය කිරීම ගැනද ක්‍රියාධරයන් පෙන්වා දී තිබේ. එය ගුවන්යානාවලටත් පොදු බවද ඔවුහු පවසති.

ප්‍රංශයේ මහා ලැව්ගිනි තත්ත්වයක් – 10000ක් ඉවත් කරයි

ඊසානදිග ප්‍රංශයේ පැතිර යන දරුණු ලැව්ගිනි තත්ත්වයත් සමග පුද්ගලයන් 10,000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ප්‍රංශයේ ප්‍රොවෙන්ස්-ඇල්ප්ස්-කෝටේ ඩිඅසුර් කලාපයේ, බොර්මේස් ලෙස් මිමෝසාස් ප්‍රදේශය ලැව්ගින්නෙන් දැඩි ලෙස හානි වූ ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශයේ පැතිර යන ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යොදවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, මෙම ගින්න සමග සටන් කිරීම සඳහා ප්‍රංශය තම යුරෝපා සංගම් මිත්‍රයන්ගේ උදව් ඉල්ලා ඇති බවද සඳහන් වෙයි.

මේ වනවිටත් මධ්‍යධරණී මුහුදු කලාපයේ අක්කර 4,000ක පමණ කොටසක් ගින්නෙන් විනාශ වී ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.