මහින්දයි සුකියි එකයි – සිරිතුංග ජයසූරිය

මියන්මාරයේ රෝහින්ග්‍යා සුළුතර මුස්ලිම් ජනතාවගේ අයිතියට ගරු කරන ලෙසත්, ඔවුන්ට ඔවුන්ගේ රටේ නිදහස්ව ජීවත්වීමට අයිතිය දෙන ලෙසත් මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුකී මහත්මියට පවසන බව එක්සත් සමාජවාදී පෙරමුණේ සිරිතුංග ජයසූරිය මහතා  පවසයි.

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව මියන්මාරය තුළදී මර්දනය කරන බව සඳහන් කරමින් එයට විරෝධය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවගේ 180,000ක් ඉන්නේ අවුරුදු 10ට අඩු පොඩි දරුවන්. සුකී බුද්ධාගමට, වටාපතට යටවෙලා බෞද්ධාගම රකිනවයි කියලා ගෙනියන මිලිටරි පාලනය නිසා එක්සත් ජාතීන්ගේ 72 වැනි සංවත්සරයට යන්න පුළුවන්කමක් නෑ.

සුළුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතිවාසිකම් ආරක්ෂා කරන්න බැරිනම් කිසිම රටක් දියුණු වෙන්නේ නෑ. සුකී මියන්මාරයේ බලයට පත්වුණත් එයාට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තියෙනවා.

ලංකාව ඇතුළත්ව තුන්වැනි ලෝකයේ හොඳම කලාව තමයි ජාතිවාදය අවුස්සලා, ආගම් අවුස්සලා තමන්ගේ අසාර්ථකභාවය යටපත් කරලා පාලනය බලය තියා ගැනීම.ලංකාවේ හිටපු පාලකයෝ කළෙත් ඒකයි. දැන් ඉන්න පාලකයෝ කරන්නෙත් ඒකයි.

පාලනයෙන් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ උන්නැහේ කරන්නෙත් ඒකයි.  බුද්ධාගමයි, සිංහලකමයි අවුස්ස අවුස්සා බලයට එන්න හඳනවා. සුකී මියන්මාරයේ කරන්නෙත් ඒකයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප/වීඩියෝ ඒෂාන් ප්‍රනාන්දු

AID_8168 AID_8176 AID_8186 AID_8189 AID_8193 AID_8199  AID_8207

 

 

දරුඵල ලැබීමේ වයසේ පසුවන ලංකා කාන්තාවන්ට දරුවන් 2.2යි

2016 ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයට අනුව දරුඵල ලැබීමේ වයසේ එනම් අවු:15-49 පසුවන  කාන්තාවකට ලැබෙන දරුවන් ගණන 2.2 බව හෙළිව තිබේ. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වසරේදී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයේ  අවසන් වාර්තාවේ මේ බව දැක්වෙයි.

එසේම ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන් විසින් පවුල් සැලසුම් ක්‍රම භාවිතය දැනට 65%ක් පමණ වන බවත් හෙළිවී ඇත.

අවසන් වාර්තාවේ ඇතුළත් තොරතුරු පිළිබඳ අදහස් දක්වමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පැවසුවේ, ගැබිනි මවුවරුන් සියලු දෙනාම පාහේ පූර්ව ප්‍රසව සායන වෙත පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඇති බවත්, ළමා මරණ, ළදරු මරණ හා වයස අවුරුදු 5ට අඩු ළමා මරණ යනාදිය අඛණ්ඩව අඩු වෙමින් පවතින බවත්ය.

man

 

 

FB නිසා අරවින්ද CID යයි

තම නම භාවිත කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බවත් එහි තමා පිළිබඳව වැරදි ප්‍රවෘත්ති පළ කරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වෙන අරවින්ද ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. එසේම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයට ඔහු පැමිණිලි ඉදිරිපත් කර තිබේ. 

432596-aravinda-de-silva-gen-700 copy copy

ඉන්දියාවට පරාද වුණත් මානසික මට්ටම හොඳයි – තිරී

ඉන්දියාව හා පැවැති ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මානසික මට්ටම පහතට නොගිය බවත්, කණ්ඩායම හොඳ මානසික මට්ටමක සිටින බවත් පාකිස්තානය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උපනායත්වයට පත්වූ ළහිරු තිරිමාන්න සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෆේස්බුක් පිටුවට එක්කළ වීඩියෝවකින් ඔහු ඉහත අදහස් දැක්වූ අතර පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් පුහුණු වූ බවත් ඒවායේ ප්‍රතිඵල ඉදිරියට බලාගත හැකි බවත් ඔහු සඳහන් කරයි.

එසේම පාකිස්තාන තරගාවලිය වෙනුවෙන් නම් කළ ටෙස්ට් සංචිතය නවක මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විත හොඳ කණ්ඩායමක් බවත් කණ්ඩායම ශක්තිමත්ව ක්‍රීඩා කර පාකිස්තානයට හොඳ තරගයක් දී ජයග්‍රහණය කරා යෑමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කරයි.

lahiruthirimanne-getty-1811-750

 

බණ්ඩාරවෙල පොලීසියේදී තරුණියක් තරුණයෙක් වෙයි

බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළ අසළ  සැකකටයුතු ලෙස හැසිරුණ තරුණියක් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඇය තරුණියක් නොව තරුණියක ලෙස වෙස්වළාගෙන සිටි තරුණයෙක් බව අනාවරණය විණැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

පොලීසියට ලැබුණ තොරතුරක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකි‍රීමේදී මේ බව හෙළිවී ඇත.

  21 හැවිරිදි මෙම සැකකරු යුද හමුදා සෙබළෙකු බවත්  ඔහු ඌව පරණගම මැදවෙල පදිංචිකරුවෙකු බවත් අනාවරණය වූ බවද පොලීසිය  පවසයි.

සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරිම පිණිස මෙසේ වෙස්වළාගෙන පැමිණියේදැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවද පෙලීසිය පවසයි.

බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.

FB හරහා පුද්ගලයින් රැවටූ අවුරුදු 64ක කාන්තාවක් අත්අඩංගුවට

පිටරටින් තෑග් පාර්සල් ලැබී ඇති බවට ෆේස්බුක් හරහා කෙටි පණිවිඩ යොමුකරමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (20දා) සවස වැලිගම පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 64 ක කාන්තාවක් මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

FB_2632363b

බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම ළමා නම් අතර විලියම් පරදා මොහොමඩ්

එංගලන්තය සහ වේල්සය තුළ අලුත උපන් බිළිඳුන්ට තබන නම් අතරින් ජනප්‍රිය නමක් වූ විලියම් පරදා මොහොමඩ් ඉදිරියට පැමිණ ඇති බව බී.බී.සී.ය කියයි.

එහිදී, 2016 වසර තුළ බිළිඳු දැරියන්ට තබන නම් අතරින් අමේලියා නම පරදා ඔලිවියා නමත්, බිළිඳු දරුවන්ට තබන නම් අතරින් හැරි නම පරදා ඔලිවර් නමත් වඩාත් ජනප්‍රියම නම බවට පත්ව තිබේ.

මෙම ජනප්‍රියම නම බ්‍රිතාන්‍ය දෙමවුපියන් සිය අලුත උපන් දරුවන්ගේ උප්පැන්න සහතික සඳහා ලබාදුන් නම් මත පදනම්ව විදහා දැක්වෙන තත්ත්වයක් බව එරට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එංගලන්තය සහ වේල්සය තුළ මේ වසරේදීත් දරුවන් අතර ජනප්‍රියම නම ඔලිවර් වන නමුත්, ඊශානදිග එංගලන්තයේදී හැරී ඉහළම ජනප්‍රියත්වයක් උසුලන බවත්, ලන්ඩන් නුවර සහ බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ මොහොමඩ් නම ජනප්‍රියම ළමා නම බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, යෝර්ක්ෂයර්, ලන්ඩන් සහ මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශවල දැරියන් සඳහා තවමත් ජනප්‍රියම නම අමේලියා බවද කියැවේ.

1_Baby Names

 2

 

 

ලංකාවේ ළමයින් 11000ක් යුරෝපයට විකුණලා

ශ්‍රී ලංකාවේ උපත ලද කුඩා දරුවන් දහස් ගණනින් 1980 දශකයේදී බටහිර රටවල්වලට විකුණා ඇති බවට වාර්තා වීමත් සමගින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධානය යොමු කර තිබේ.

මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම තොරතුරු වාර්තා කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් 11000ක් පමණ විදේශයන්ට විකුණා ඇති බවයි.

එයින්  වැඩිම පිරිසක් විකුණා ඇත්තේ නෙදර්ලන්තයට වන අතර එම ප්‍රමාණය 4000ක් පමණ වෙයි. ඊට අමතරව ස්වීඩනය, ඩෙන්මාර්කය, ජර්මනිය මෙන්ම බ්‍රිතාන්‍යය යන රටවල්වලටද මෙසේ දරුවන් අලෙවි කර තිබේ.

ඒ සඳහා දෙපාර්ශ්වයෙන්ම ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බවත් දැනටමත් තොරතුරු අණාවරණය වී තිබේ.

එසේම එසේ විදේශයන් දරුවන් අලෙවි කිරීමට වෙනමම ස්ථාන (baby farms) ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබී ඇත.

මේ අනුව එම දරුවන්ට තම නියම දෙමාපියන් සොයා ගැනීම සඳහා ඩී.එන්.ඒ. දත්ත පද්ධතියක් නෙදර්ලන්තය හා එක්ව ආරම්භ කිරීමටද අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 

Untitled-1 copy copy

බී.බී.සී./ද ගාඩියන් ඇසුරෙනි

සංගා වසරේ අටවැනි ශතකයත් වාර්තා කරයි

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එම තරගාවලිය යටතේ මේ වසරේ වාර්තා කළ 8 වැනි ශතකයත් වාර්තා කිරීමට ඊයේ (20දා) සමත්විය.

සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර පැවැත්වෙන් තරගයේදී ඔහු මෙම ශතකය වාර්තා කළ අතර ඊයේ දිනයට තරගය නිමා කරන විට සංගා නොදැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියේය.

සමර්සෙට් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 269ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සරේ කණ්ඩායම කඩුලු 6ට ලකුණු 328ක් රැස්කරගෙන සිටියි.

සරේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම 13කදී ලකුණු 1396ක් රැස්කරගෙන ඇති සංගාගේ සාමාන්‍යය 124.45ක් ලෙස සටහන් වෙයි.

මේ වසරේදී සරේ කණ්ඩායම වෙනුවෙන් සංගා ලකුණු රැස්කළ අයුරු.

71, 46,136,105,114,120,200,84,4,26,180*,164,119*

 

පුද්ගලයන් විදෙස්ගත වන අකාරය අනුව ලබාදෙන වීසා වර්ග 7ක්

01. අධ්‍යාපනික වීසා (Student Visa)

උපාධි පාඨමාලාවන්, ඩිප්ලෝමා වැනි විවිධ විෂයයන්ට අදාළව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විදෙස්ගත වීමට නිකුත් කරනු ලබන වීසා %අධ්‍යාපනික වීසා^ වේ. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ වයස අවුරුදු 18-35ත් අතර පිරිසයි.

1 Student Visa


02. සංචාරක වීසා (Visit Visa)

විවිධ රටවල සංචාරය කිරීම සඳහා යන පිරිස් වෙත නිකුත් කරනු ලබන්නේ %සංචාරක වීසා^ය. මෙය ඉතා කෙටි කාලයක් සඳහා පමණක් නිකුත් වන වීසාපතකි. මාධ්‍යවේදීන් හා සංචාරකයන් මෙම වීසාපත හරහා විදෙස්ගත වේ.

2 Visit Visa


03.  සේවක වීසා (Worker Visa)

රැකියාවන් කිරීම සඳහා යන පිරිස් වෙත නිකුත් කරනු ලබන වීසා පත %සේවක වීසා^ වේ. බොහෝ පිරිස් මෙම වීසා පත ලබා ගැනීමට උත්සාහ ගනු ලබන්නේ විදෙස්ගත වී රැකියාවක නියැළීමේ බලාපොරොත්තුවෙනි. මෙම වීසාපත වයස අවුරුදු 18 සිට 40 දක්වා වැනි වයස් සීමාවේ පිරිස් සඳහා නිකුත් කෙරේ. 

3 Worker Visa


04. සරණාගත වීසා (Refugee Visa)

යුදබිය, රට තුළ මරණ තර්ජන වැනි ජීවත් වීමට අපහසු වාතාවරණයක් තුළ මෙම 'සරණාගත වීසා' මගින් විදෙස්ගත වීමේ හැකියාවක් පවතී. තමන් දැනට ජීවත් වීමට නොහැකි හේතුව සඳහන් ලිපියක් අතැතිව, විදෙස් රටක ජීවත් වීමේ හැකියාවක් මෙම වීසාහි පවතී.

4 Refugee Visa


05. යැපුම් වීසා (Dependent Visa)

විදේශයක ජීවත් වන පුද්ගලයෙකු හරහා, තවත් අයෙකු එම රටට ගෙන්වා ගැනීමේදී නිකුත් කරන වීසා %යැපුම් වීසා^  නමින් හැඳින්වේ. මෙහිදී බොහෝවිට සැමියාට බිරිඳ, බිරිඳට සැමියා මෙම වීසා හරහා ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතී.
5 Dependent Visa

06. පවුල් වීසා (Family Visa)

'පවුල් වීසා' නිකුත් කරනු ලබන්නේ දෙමව්පියන් තම දරුවන් සමග විදෙස්ගත වීමකදීය. මෙම වීසා ලබාගැනීම සඳහා බොහෝ අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම, විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. මෙය පහසුවෙන් ලබාගත හැකි වීසාපතක් නොවේ.

6 Family Visa


07. ව්‍යාපාරික වීසා (Business Visa)

විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරනු ලබන වීසා %ව්‍යාපාරික වීසා^ නම් වේ. මෙය තම ව්‍යාපාර කටයුතු සඳහා විදෙස්ගත වීමටත්, නැවත පැමිණීමටත් හැකිවන පරිදි වසර කිහිපයකට නිකුත් කරනු ලබන වීසාපතකි.

Diverse business group meeting